Ad Code

🎒Pinchi & Alphabet - 💝අකුරු කියවූ දුවට පුතාට දෙන්න කදිම තෑග්ගක් 💝

Ticker

6/recent/ticker-posts

අකුරු කියවූ දුවට පුතාට දෙන්න කදිම තෑග්ගක් 💝

 

Pinchi and the alphabet full dvd movie

Pinchi and the alphabet කියන්නේ කාටුන් DVD එකක්, පිංචි කියන කුඩා දැරිවිය සහ සුරංගනාවියක්, සැඟවුන සිංහල හෝඩියෙ අකුරු යාලුවෝ හොයාගෙන යන අතරේ දරුවාටත් නොදැනිම අකුරු හඳුනා ගන්න, ලියන්න, කියන්න හුරු කරවන ළමා කාටූන් චිත්‍රටයක්.

මෙම Pinchi & the alphabet අධ්‍යපනික DVD එක සමඟ ඔබේ පොඩිත්තාට ලැබෙන්නේ ගිෆ්ට් පැක් එකක් විදියට, ඒක ඇතුලේ පිංචිත් එක්ක අකුරු ලියන්න, අකුරු ලියනපොතයි, පැන්සලයි. පිංචිගේ අකුරු යාළුවෝ ලස්සනට පාට කරන්න පාට කරන පොතයි, පිංචිගේ ලස්සන ස්ටිකර් එකකුයිත් ලැබෙනවා.


This Pack contains: DVD (Pinchi & the alphabet)

1 - Drawing Book (A5 size, 64 pages)

2 - Writing Book (A4 size, 36 pages)

3 - Pinchi Sticker (A5 size)

4 - Purple pencil (Ordinary pencil)


ඉතිං ඔයා කැමතිනම් මේ ගිෆ්ට් පැක් එක ඔයාගේ දුවට පුතාට තෑග්ගක් විදියට දෙන්න, ඔයාට පුලුවන් Lanka Plaza වෙතින් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න, එහෙමත් නැත්නම් තෑග්ගත් විදියට ඔයාලගේ ආදරණියයන්ගේ අතටම ලැබෙන්න සලස්වන්නත්, කුරිය සර්විස් එකක් හරහා ලංකාව පුරාම මේක බෙදා හරින්නත්, Online Payment පහසුකම වගේම Bank Deposit / Transffer හරහාද ගෙවිම් සිදුකරන්න පුලුවන්. වැඩි විස්තර දැන ගන්න 0772 710 510 අංකයට ඇමතුමක් දෙන්න නැත්නම් whatsapp පණිවිඩයක් යොමු කරන්න.


ළමාවිය සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින් සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනිම ඉගැන්වීම පිළිබඳව වසර තුනක් පුරා කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාටුන් චිත්‍රපටය නිරමාණය වී ඇත. අධ්‍යපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිතා කරමින් නිමවා ඇති මෙම විනෝදාත්මක අධ්‍යපනික චිත්‍රපටය සිංහල භාෂාවේ සිදත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන “ශුද්ධ සිංහල හෝඩිය“ නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්ප්‍රදායක ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඔනැම වයසක දරුවෙකුට අකුරු “ඉගැන්වීමට“ නොව අකුරු “රසවිඳිමට“ හැතිවෙන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත. එමෙන්ම මෙහිදි විශේෂයෙන් වර්ථමාන දරුවාගේ මානසික වර්ධනයට වඩාත් යෝග්‍යවන ලෙස අවට පරිසරය මෙන්ම චිත්‍රකලාව, සංගිතය, කවි, කතාන්දර, කාටූන් සජීවීකරණය ඇතුළු බහුමාධ්‍ය (Multimedia) අංග සියල්ලම නවීන තාක්ෂණය උපයෝගිකොට සමබරව සංකලනය කොට ඇත. ළමාවියේ දඟකාරකම් මෙන්ම ආදරය, කරුණාව, සංවේදිබව, වීරත්වය, දේශාභිමානය ආදී යහගුණ හා පෞර්ෂ වර්ධන සංකල්පයද ඉතා කුඩා කල සිටම වර්ධනය වන අයුරින් ගොඩනගා ඇති මෙය පැය 1 විනාඩි 46 පුරා දිවෙන අතර දරුවාට අවදානය තබාගත හැකි මට්ටම අනුව කොටස් වශයෙන් නැවත නැවත බැලිම ඉතා සුදුසු වේ. පිංචි නම් කුඩා දැරියක හා සුරංගනාවියක වටා ගෙති ඇති මෙම සංගිතමය කාටූන් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිර්මාණය වි ඇති පළමු අධ්‍යාපනික කාටූන් චිත්‍රපටයද වේ.





Post a Comment