ශ්‍රි ලාංකික ජන සමාජයේ අකුරු කියවීමට නියමිත වයස, සීමාවක් ලෙස දක්වා නොමැති උවත්, ප්‍රායෝගික අවශ්‍යතාවයක් ලෙස අවුරුදු තුන හතර පමන වන විට පෙර පාසැල් සඳහා ඇතුලත් කලයුතු නිසා, දරුවාට වයස අවුරුදු තුන ගෙවි යාමට මත්තෙන් අකුරු කියවීම සිදු කරයි.
බෞද්ධ සංස්කෘතියට අනුව අකුරු කියවීමේදි කේන්ද්රපත්ර පිරික්ෂාවක් හෝ නැකැත් බැලිම්, සඳහා මූලික තැනක් හිමි නොවන අතර කලින් යොදාගත් පහසු දිනයකදි මෙම කාර්ය සිදුකිරිම සාමාන්‍ය සිරිතයි, එහෙත් නැකැත් දිනයක් සහ වෙලාවක් ලබා ගැනිම හෝ නොගැනිම ඔබේ කැමැත්ත පරිදි සිදුකල හැකිය.
අකුරු කියවීම යොදාගත් දිනයට කලින් දින පන්සලේ ස්වාමින් වහන්සේ නමක් හමුවී දරුවාගේ අකුරු කියවීමේ කටයුත්ත ගැන පවසා දරුවාට අශිර්වාද කොට පිරිත් නූලක් ගැටගසා ගැනිමේන් දරුවාට හෙට දවසේ සිදුකිරිමට නියමිත කටයුත්තට පෙර සුදානමක් ලබා දිය හැකිය.
ඔබේ දරුවා හැකි අයුරින් සහබාගි කරවා ගෙන මල්, පහන් සුවඳ දුම් ආදිය පූජා කර බෝධිය පැන්කළ 7 කින් නහවා බෝධි පුජාවක් සිදු කරන්න, මීට අමතරව ගෙතු මල් මාලා කිහිපයකින් බෝධිය සැරසීම සහ ගිලන්පස, චතුමදුර, චීවර පූජාවක්, ඔසුපැන් හා ඖෂධ පූජාවක් සිදු කිරීම තුළින් එම බෝධි පූජාවෙන් දරුවාට ලැබෙන ආනිශංස වැඩිවනු ඇත.
දරුවාට අකුරු කියවීමට ආගන්තුක අය නිවසට ගෙන්වා ගැනිමට වඩා දරුවාට වඩාත් ලෙන්ගතු දරුවාගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා හෝ වෙනත් උගත් වැඩි හිටි අයෙකු යොදා ගැනිම මගින් අපහසුතාවයකින් තොරව දරුවාට අකුරු කියවීමේ චාරිත්‍රය සිදුකර ගත හැකිය.
යොදාගත් නියමිත දිනයෙදි දරුවාට අකුරු කියවන අය නා පිරිසිඳු වී, ලා පැහැති හෝ සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසි සිටිය හැකිනම් ඉතා අගනේය, නිවසේ තාවකාලික පූජාසනයක් සකස් කර ගැනිම සඳහා කලින් පිරිසිඳු කරගත් මේසයකට සුදු පැහැති මේස රෙද්දක් එලා සකසා ගන්න, මේසය මත තවත් කුඩා බංකුවක් හෝ ටිකක් උස ආධාරකයක් තබා එයද සුදු රෙද්දකින් ආවරනය කර ගන්න.
පුජාසනයේ උස් ආසනය මත බුදුරජාණන්වහන්සේ ගේ පිළිරැවක්ද, වම්පැත්තෙන් ආනන්ද මහරහතන් වහන්සේගේ ජායාරූපයක්ද, දකුණුපසින් සැරියුත් මහරහතන් වහන්සේගේ පිළිරැවක්ද තැම්පත් කරන්න. වෙන් වෙන් වශයෙන් පහන් 3 ක්ම දල්වා සුවඳ දුම් හා මල් පුජා කර තෙරුවන් නමැඳ, කැව්ම් කිරිබත් රස කැවිලි ආදී දේ ප්‍රණීත ලෙස සකසා අග්‍ර කොටස බුදුරජාණන්වහන්සේට පූජා කර අවශේෂ කොටස රහතන් වහන්සේලා දෙනමට පූජා කරන්න.
ආනන්ද මහ රහතන් වහන්සේගේ පින්තූරයක් සමඟ ඒ දෙනමගේ පින්තුරයක් තබාගෙන, වන්දනා ගාථා කියලා, අපේ දරුවන්ට මේ මහ රහතන් වහන්සේලාගේ පිහිට ලබාගන්න පුළුවන්.
“ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මේ සියළු පූජාවන් පූජා කරමි. පූජා වේවා…!
මතක ශක්තියෙන් අග්‍ර වූ, වටහා ගැනීමෙන් අග්‍ර වූ, වහා කරුණු අවබෝධ වීමෙන් අග්‍ර වූ, අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේට මේ සියළු පූජා කරමි. පූජා වේවා…!”
ඉන්පසු, සැරියුත් මහරහතන් වහන්සේ වෙනුවෙන් දැල්වූ පහනින් තෙල් බිදක් ගෙන, සැරියුත් මහරහතන් වහන්සේට මෙන් මගේ දරුවාට ප්රඥව ලැබේවායි පතා දරුවාගේ හිස තුන්වරක් අත ගාන්න,
දෙවනුව ආනන්ද මහරහතන් වහන්සේ වෙනුවෙන් දැල්වූ පහනින් තෙල් බිදක් ගෙන ධාරාගැනීම අතින් අගතැම්පත් ආනන්ද මහා රහතන්වහන්සේට මෙන් මගේ දරුවාට මනා ධාරණ ශක්තියක් ලැබේවායි පතා දරුවාගේ හිස තුන්වරක් අත ගාන්න.
ඉන්පසු දරුවාගේ සියළු අධ්‍යපන කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා! යැයි ප්‍රාර්ථනා කර මුලින්ම දරුවා ලවා ”නමෝ බුද්ධාය” කියා කියවන්න හැකි නම් දරුවා ගේ අත අල්ලා පැන්සලෙන් ”නමෝ බුද්ධාය” කියා පොතක ලියවන්න.
ඉන්පසු සිංහල හෝඩි පොතක් ගෙන එය දරුවාට කියවන්න, පසුව ඉංග්‍රිසි හෝඩිය හා ඉලක්කම් කියවන්න. දරුවාට පහසුවෙන් ලිවිය හැකි "ර,ට" වැනි අකුරක් සහ ඉංග්‍රිසි හෝඩියේ අකුරු කිහිපයක් සහ ඉලක්කම් කිහිපයක් ලියවන්න.
ඉන්පසු දරුවා ලවා වැඩිහිටි අයට වැඳ ආචාර කර ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගන්න.
දරුවා කැමති රස කැවිලි හෝ පලතුරු වර්ග දරුවාට කෑමට දෙන්න, දරුවාට පොත් පත් පෙරලා අකුරු, පින්තුර බැලිමට හෝ පාට කිරිමට ඉඩ හරින්න. අකුරු කියවීමෙන් පසු දරුවා කැමති ඉගෙනුම් ආධාරක හෝ ක්‍රීඩා භාන්ඩ තෑග්ගක් ලෙස ලබා දෙන්න දරුවාට නිදහසේ ඒවා සමග කාලය ගත කිරිමට ඉඩ හරින්න.
හැකිනම් මෝර පිරිත, අංගුලිමාල පිරිත, රතන සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය, ධජග්ග සූත්‍රය ආදී සූත්‍ර සජ්ජායන කර හෝ දරුවාට ඇසෙන්නට වාදනය කර ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය පතන්න.
තෙරුවන් සරණ ගිය සියළුම සම්දෘෂ්ඨික දෙවි දේවතාවන්ට පින් අනුමෝදම් කර අකුරු කියවීමේ කටයුතු නිමා කරන්න.