සාමාන්‍යයෙන් දරැවාට අකුරු කියවන දිනයේදී අනිවාර්යෙන් ම සරස්‌වතී පූජාවක් තැබීමට අමතක නොකරයි.ශ්‍රී සරස්‌වතී දේවියගේ රූපයක් ඉදිරියේ මෙම පූජාව තබන අනතුරැව ගණ දෙවි රූපයක් ඒ අසලින් තැබීමට ද අමතක නොකරයි.තෝරා ගත් දිනයේ උදෑසන ආසනයක් සකස් කරයි.එය පිරිසිදු මෙන්ම යකඩ ඇණ නොගැසූ එකක් වීම අනිවාර්‍යය කරුණක්කොට සලකයි.
පළමුව සුදු රෙද්දක් එළා ඒ මත බුද්ධ රූපය හා සරස්වතී දේව මෑණියන්ගේ හා ගණ දෙවියන්ගේ රූප තබයි.
( බුද්ධ රූපය මඳක් ඉහලින් තබයි.අනෙක් රූප දෙක බුද්ධ රූපය දෙපැත්තෙන් තබයි.බුද්ධ රූපය අසල මල් තබා පහනක් දැල්වීමෙන් පසුව බුලත් කොල 10ක් ගෙන මැටි පහනක් ඉන් එක බුලත් කොලයක් මත තබා එම බුලත් කොලයේ උරච්චිකරන ලද සුදු හඳුන් ටිකක් ගායි.
(සදුන් කුඩු තලපයක් සේ දිය කර ගත්තද ගැටලුවක් නැත) ඒ ලෙසම තවත් බුලත් කොල 9ක් කෙසෙල් කොලය මත රවුමට තබයි.
(නැටි පිටට හිටින සේ) එම බුලත් කොල මත ද පෙර සේම සුදු හඳුන් ගායි.
සෑම බුලත් කොලයක් මතම පඩුරු කාසිය බැගින් තබයි. කලින් දෝවනය කරන ලද මල් බුලත් කොල මත තබා. (සරස්වතී දේවිය අසල නෙලුම් කොලයක් මත රතු නෙලුම් මලක් තබයි.
ගණ දෙවි රූපය අසල කෙසෙල් කොලයක් හෝ අඹ කොල මත පිච්ච හා සුදු නෙලුම් තබයි.)
පහන් දෙකක්ද තබයි. බුද්ධ පුජාව තබා දරුවා සමග පන්සිල් ගන්න ඉන්පසුව බුලත් අත් දෙකක් ගෙන අතුරා සකස් කරන ලද පූජා වට්ටි දෙක තබයි.
මෙසේ පූජාව තබා දේවාරධනා මන්ත්‍ර ජප කර කහදිය කොතල ජපකර තැඹිලි ජප කර දේව වරම් ගෙන මෙය සිදු කිරීම සාමාන්‍ය ක්‍රමයයි.
පෙර කී ලෙස පූජා වට්ටිය තබා තමා සරත්වතී ඝන දෙවියන් සඳහා කියන්නා වූ ස්ත්‍රෝත්‍ර දන්නේ නම් ඒවා කීමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට පිහිට වන ලෙස ඉල්ලා සුදුසු වෙලාව ලැබූ විට අකුරු කියවීම සිදු කරයි.
අකුරු කියවු පසු පූජා වට්ටි වල ඇති පලතුරු නිවැසියන්ද කුඩා දරුවන්ද අනුභව කර සතුන්ටද දෙනු ලැබෙි.
පළමුව “ස්වස්ථි සිද්ධම්! ”යන වැකිය දරුවා ලවා තුන් වරක් කියවයි.
දරුවා කෙබඳු ආකාරයකට මෙම වැකිය උච්චාරනය කලද අකුරු කියවන වැඩිහිටියා මෙය නිවැරදි ලෙස උච්චාරනය කරයි.
ඉන්පසු දේව අක්ෂර වලින් අකුරු කියවීම ආරම්භ කරන අකුරු පිලිවල මෙසේය.
ස ත ද ව ට ඉ ඔ | උ ප ග හ බ ඊ සා | ඩා තා වා පා දා ඌ ඕ
ඉන්පසු සංඛ්‍යා කියවන්න මුලින්ම දරුවාගේ ජය අංකය කිය වයි. ඉන්පසුව 1 සිට 10 දක්වා ඉලක්කම් පිලිවෙලින් කියවන්න.අංක කියවූ පසුව හෝඩි පොතක් ගෙන සිංහල හෝඩිය පිලිවෙලින් කියවන්න.
මෙහිදී විශේෂයෙන් සැලකිලි මත් විය යුතු දෙයකි. එනම් අකුරු කියවීමේදී “ස”යන්න “ත”යන්න ලෙස නොව ස ත ලෙස අකුරේ ශබ්ධය කියවීම අනිවාර්‍යයයි.අකුරු ලියවන විට සමහර තැන්වල දරුවා ලවා මුලින්ම ඔහුගේ නම ලියවයි.