Ad Code

🎒Pinchi & Alphabet - 💝අකුරු කියවූ දුවට පුතාට දෙන්න කදිම තෑග්ගක් 💝

Ticker

6/recent/ticker-posts

අකුරු කියවීමට සුභ නැකැත්

Akuru Kiyaweema Nakath

අලුත උපන් දරුවෙකු සඳහා අකුරු කියවීමේ චාරිත්‍රය ශ්‍රී ලාංකික ජනසමාජය තුළ මුල්බැසගත් පෞරාණික චාරිත්‍රයකි. එම සුභ මොහොත සඳහා  ජ්‍යෝතිෂ විද්‍යානුකූලව සුභ මුහුර්තියක් යොදා ගැනීම තුළ වඩාත් යහපතක් උදාකරගත හැකි බව ඒ සඳහා කටයුතු කරනා සැමගේ විශ්වාසයයි. ඒ අනුව මෙම කටයුත්ත තමන් අදහන ආගමට හා ගතානුගතික චාරිත්‍ර වලට මුල්තැන දෙමින් ඉටුකිරීම තුළින් මානසික හා කායික ශක්තියක් එම මොහොත සඳහා සහාභාගී වන වැඩිහිටියන්ගේ සහ කුඩාදරුවාගේ සිත් තුළ වර්ධනය වේ.

මෙම මොහොත සඳහා සුභ මුහුර්තයක් යොදා ගැනීම වඩා සුදුසුයි. ඒ සඳහා සරස්වතී යෝගය සහිත සුභ හෝරාවක් යොදාගත හැකිනම් ඉතා අගනේය.

දරුවාගේ උප්පත්ති කේන්ද්‍රය තුළ අධ්‍යාපනික දුර්වලතා පෙන්නුම් කරනවානම් මෙම අකුරු කියවීමේදී යොදාගන්නා නැකත බලවත් නම් උප්පත්ති කේන්ද්‍රයේ තිබෙන දෝෂ යම් කිසි ප්‍රමාණයක් දුරුකරගත හැකිය. විශේෂයෙන් අකුරු කියවීමේ ශුභ මුහුර්තයට  දරුවාට අත්පොත් අතට දීම තුළින් විශේෂයෙන් ඥාන බලය නුවණ ලබාගැනීමේ ශක්තිය ලබාගත හැකිබව    ජ්‍යෝතිර් විද්‍යාව අනුව විස්තර කෙරේ.


සුභ මුහුර්ත සඳහා පිළිවෙත්

- පළමුව තමන් අදහන ආගමට අනුව පුද පූජා පැවැත්විය යුතුයි.
- අකුරු කියවීමට පෙර සරස්වතී දේවියට හා ගණදෙවියන්ට පූජාවක් තැබීම.
- මේසයක් සූදානම් කර එයට සුදු රෙද්දක් එලා ගණදෙවියන්ගේ හෝ සරස්වතී මෑණියන්ගේ පින්තූර 2ක් තබාගන්න.
- මෙම දෙවිවරුන් සඳහා පළතුරු හා කැවිලි පූජාවක්ද , කිරිබත් , පහන්, පැන් ,හදුන්කූරු ද දල්වන්න.
- දරුවාත් සමඟ නැකතට පෙර මෙම සියලු වතාවත් කර අවසන් කළ යුතුයි.
- දරුවාගේ අතට හෝඩිපොත හා පැන්සලක් නැකතට ලබාදී අකුරු කියවීම හා ලිවීම ශුභයි.
- මෙහිදී ඔබට ශුභ වේලාවක් සේම ශුභ දිශාවක් ද ලබාදේ.

අපගේ 40 වසරක පළපුරුද්ද හා විශ්වාසය අනුව දරුවාගේ වයස වසර 2ත් 3ත් කාලය අතරදී අකුරු කියවීම සඳහා යොදාගත හැකිනම් වඩාත් උචිත වන අතර අකුරු කියවීම සඳහා මව හෝ පියා විසින් දරුවාට අකුරු කියවන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. 

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දරුවාට අකුරු කියවීම සඳහා සුදුසු සුබ මුහුර්තයක් ලබාගැනීමට 0777 459 060 ඔස්සේ පහත සඳහන් තොරතුරු අපවෙත  Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි. 

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් සිදුකරන අකුරු කියවීමේ චාරිත්‍රය සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදිය යුතු තොරතුරු

උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය
නම
ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය – නවාංශකය
 

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.




Post a Comment